වර්තමාන රජයේ අදූරදර්ශී රාජ්‍ය පාලනය තුළ රටේ සමස්ත ජනතාව විපතකට පත්ව ඇති බවත්, එයින් ජනතාව සහ රට මුදා ගැනීමට සමගි ජන බලවේගය ගොඩ නැගුන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ අනුව සමගි ජන බලවේගයේ ප්‍රධාන කොටස් කරුවෙකු ලෙස ‘ජාතික හෙළ උරුමයේ’ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා නිල වශයෙන් එක් වූ බව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.