කෑගල්ල අරණායක ප්‍රදේශයෙන් 02දා වාර්තා වු කොවිඩි මරණයත් සමඟ කැගල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය අසාදනය විමෙන් පුද්ගල මරණ 05ක් සිදුව ඇති බවට කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවති කොවිඩි වීශේෂ කමිටු රැස්විමට ඊයේ (02දා) ඵක්වෙමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මේ බව පැවැසීය.
“දිස්ත්‍රික්කය පුරා සිදුකළ පී. සී. ආර්. පරික්ෂණ වලට අනුව කොවිඩි වෛරසය අසාදිත පුද්ගලයන් 1136 දෙනකු හඳුනාගෙන තිබෙනවා. පුද්ගලයන් 25572ක් ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශය කටයුතු කර තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 60 දෙනකු සේවය කරනවා. ඵක් නිලධාරියෙකුට ගම් දහයක පුද්ගලයන් දස දහසකට පමණ රාජකාරී කිරිමට සිදුව ඇති නිසා ඔවුන් අසීරුතාවයට පත්ව තිබෙනවා.”
මෙම විශේෂ කොවිඩි රැස්විම සදහා ඵක්ව සිටි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබිබැකඩුව මහතා පවසා සිටියේ කෑගල්ල රත්නපුර දිස්ත්‍රික් දෙකේ කොරෝනා වෛරසය ව්‍යප්තිය අවම කරගැනිම සඳහා සිතාවක කර්මාන්ත පුරය පිළිබඳව කඩිනම් තීරණයක් ගන්නා බවයි.
එසේම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස දැනට විශ්‍රම ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යළිත් සේවයට කැඳවීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.
රඹුක්කන නයෝමි දිල්රුක්ෂි