රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රක්ක දෙකේ Covid 19 ආසාදිත වී නිවෙස් වල රැඳී සිටින සංකූලතා සහිත පුද්ගලයින් කඩිනමින් රෝහල් ගත කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (18) සඳහන් කළේය.
ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කෑගල්ල දිස්ත්‍රික් Covid 19 මර්ධන කමිටුවට එක්වෙමිනි.
“රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 16 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ එම කාර්යාල 11 තුල මෙම ප්‍රවාහන පහසුකම් සලසනවා.
ඒ දැනට ක්‍රියාත්මක 1990 සුව සැරිය ගිලන් රථ සේවාවට අමතරව මෙම සේවා සූදානම් කර තිබෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව ද සහය දක්වනවා.”