සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකෙන් අද වනවිට කෝවිඞ් 19 ආසාදිත බවට තහවුරුවී ඇති 08 දෙනාම බ්‍රැන්ඩික්ස් ඇඟලූම්හල් පොකුරට අයත් බව එම දිස්ත්‍රික් දෙකේ වසංගත රෝග විද්‍යාඥයින් අනාවරණය කර ඇති බව සබරගමු පළාත් මාධ්‍ය ඒකකය පවසයි.
එම නිවේදනයට අනුව අද වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කෝවිඞ් ආසාදිතයන් හය දෙනෙක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් කෝවිඞ් ආසාදිතයන් දෙදෙනෙක් හඳුනාගෙන ඇතිබව ද සඳහන් වෙයි.
වරකපොළින් ආසාදිතයෙන් තිදෙනෙක්, කෑගල්ල, රුවන්වැල්ල සහ යටියන්තොටින් එක් ආසාදිතයා බැගින් මෙසේ හදුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ සුජීව බණ්ඩාර මහතා උපුටා දක්වමින් එම නිවේදනයෙන් අවධාරණය කරයි.
රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ ලක්මාල් කෝනාර මහතා උපුටා දක්වමින් රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල සහ එල්ලාවල ප්‍රදේශවලින් ආසාදිතයන් හමුව ඇතිබව ද මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සහ වෙනත් ප්‍රදේශවලින් හමුවූ කෝවිඞ් 19 ආසාදිතයින් 55ක් රඹුක්කන රෝහලේ ස්ථාපිත කර ඇති විශේෂ කෝවිඞ් 19 ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා උපුටා දක්වමින් එම නිවේදනයේ දැක්වේ.
සබරගමු පළාතේ කෝවිඞ් 19 වෛරසය මැඩලීම සදහා රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙක තුල මේවනවිට කෝවිඞ් වෛරස මර්දන කමිටු දෙක ස්ථාපිත කළ බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සදහන් කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.