SN10 නමින් හැඳින්වෙන ස්පේස්එක්ස් රොකට්ටුවක් ඇමෙරිකාවේ, ටෙක්සාස් හි අත්හදා බැලීමේ සාර්ථක ගුවන්ගත කිරීමකින් පසුව ගොඩබෑමට යාමේදී පුපුරා ගොස් තිබේ.
සමාගමේ ස්ටාර්ෂිප් අඟහරු රොකට්ටුවේ මූලාකෘතියක් වන ස්පේස්එක්ස් හි SN10 රොකට්ටුව සවස 5.15 ට පමණ වෙරළබඩ භූ දර්ශනයෙන් සැතපුම් 6ක් පමණ ඉහළට නැග සාර්ථක ගුවන් ගමනක යෙදී තිබුණත්, මීට පෙර සිදුකළ පරීක්ෂණ ගුවන් ගමන් දෙකක් අනුව යමින් ගොඩබෑමේදී යළිත් පුපුරා ගියේය.
"අපි ගොඩබෑමේ පෑඩ් එක සාර්ථකව ස්පර්ශ කර තිබෙනවා" යැයි ස්පේස්එක්ස් ඉංජිනේරු ජෝන් ඉන්ස්පෘකර් සඳහන් කළේය. "එය ස්ටාර්ෂිප් 10 හි සාර්ථක ගුවන් ගමනක් ආවරණය කරනවා."
කෙසේ වෙතත් ගොඩබෑමත් සමග රොකට්ටුව පුපුරා යාමට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැති නැති බව කියයි. එනමුදු ස්පේස්එක්ස් හි තවත් මූලාකෘති කිහිපයක් දැනටමත් නිෂ්පාදනය වෙමින් පවතින බවත්, ඊළඟට SN 11 නුදුරු අනාගතයේදී තවත් පරීක්ෂණ ගුවන් ගමනක් සඳහා සූදානම් වනු ඇතැයි ඔහු පැවසීය.