අධික ආදායම් ඉපැයූ සමාගම් වෙත රජය විසින් 2016 වසරේදී පැනවූ සුපිරි වාසි බද්ද හේතුවෙන් රජයට රුපියල් බිලියන 50.327ක මුදලක් අය වී ඇතැයි මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) ප්‍රකාශ කළේය.
2016 වසරේදී රජය විසින් සමාගම් 598ක් සඳහා මෙම සුපිරි වාසි බද්ද පැනවූ බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙම සමාගම් අධික ආදායම් ඉපැයීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් ප්‍රශ්න කිරීමක් හෝ කැඳවීමක් සිදුකර නොමැති බවත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.