වසංගතයේ දරුණු බලපෑමත් සමග බ්‍රසීලියානු රෝහල්වල සැපයුම් අඩු මට්ටමක පවතින බැවින් එක් වෙරළබඩ නගරයක් පවසන්නේ, ඇතැම් කොවිඩ්-19 රෝගීන් වෙන්ටිලේටර් පහසුකම් ලබාදීමෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවය.
කොරෝනා වෛරසය ආසාදිතයන් බ්‍රසීලයේ ඉහළ යමින් පවතින අතර රටේ සෞඛ්‍ය පද්ධතිය යටපත් වී ඇත. බ්‍රසීලය පුරා සෑම ප්‍රාන්තයකම පාහේ දැඩි සත්කාර ඒකකවල දැනට සිටින රෝගී අනුපාතය 80% හෝ ඊට වැඩි ය. ඇතැම් රෝහල්වල 90% හෝ ඊට වැඩි වන අතර, රෝහල් කිහිපයක 100%ක් ඉක්මවා රෝගීන් ඉහළ ගොස් තිබීම නිසා මේ ආකාරයෙන් ඇතැම් රෝගීන්ට වෙන්ටිලේටර් පහසුකම් ලබානොදීමට සිදුව ඇති බව කියයි.
පසුගිය දින කිහිපය පුරාම බ්‍රසීලයේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක් මෙන්ම, වසංගතය ආරම්භ වූ දා සිට වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාවන්ද වාර්තා විය. බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කියා සිටියේ තමන් වසංගත යුද්ධයකට මුහුණ දී සිටින බවය. නමුත් ඔහු මේ වසංගතය මුල සිටම අඩු තක්සේරුවකට ගැනීමද මෙම තත්ත්වයට හේතු වී තිබේ.