නොරෝච්චෝල කරඹ සපාමරුවා ගම්මානයේ තරුණයින් තිදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි පැවසෙන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරිමත් සමග ගම්මානය ඊයේ ( 13දා ) සවස උණුසුම් වී තිබේ.
මෙලෙස තියුණු ආයුධ වලින් කපා දමා ඇත්තේ ගම්මානය තුළ මත් ද්‍රව්‍ය අලෙවි කිරිමට විරෝධය දැක්වු තරුණයින් පිරිසක් බව කියයි.
සපාමරුවා ගම්මානය තුළ පිරිසක් මත් ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පිරිසකට අවස්ථා ගනනාවකදී විරෝධය මතුව ඇති බවත් ඒ සැම අවස්ථාවකදීම ජාවාරම්කරුවන් හා ගම්වාසින් අතර ගැටුම් හට ගෙන තිබු බව කියයි.