ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබා නොදීමට ශ්‍රී ලංකාව විසින් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය , මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම පෙන්වා දුන්නේ අදාල එන්නතෙහි එක් මාත්‍රාවක් පමණක් ගැනීමෙන් වුව ද ඉහළ සාර්ථකත්වයක් අත් කරගත හැකි බවට එය නිෂ්පාදිත රුසියාවේ ගැමිලියා සමාගම විසින් දැනුම් දී ඇති බවයි.
එහෙත් දෙවැනි මාත්‍රාව ලබා නොදෙන ලෙසට අදාල ආයතනය තීරණයක් ලබාදී නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
ඒ අනුව ඉදිරියේදී එවැනි තීරණයක් ලබා දුනහොත් ඊට පෙර සූදානමක් ලෙස, එන්නත ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රයේ ඊට අදාළ මුද්‍රා සටහන තැබූ බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.