ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්රෝ සැන්චෙස්ගේ බිරිඳ කොරෝනා වෛරසය සඳහා වූ පරීක්ෂණයේ ධනාත්මක ප්‍රතිඵලයක් පෙන්වා ඇති බව එරට රජය නිවේදනය කරයි.
අගමැතිවරයාට සමීප පුද්ගලයින් පිළිබඳව මොන්ක්ලෝවාහි (අගමැතිගේ නිල නිවසේ) අවසන් පැය කිහිපය තුළ සිදුකරන ලද පරීක්ෂණ ඔහුගේ බිරිඳ ඩොනා බෙගෝනා ගෝමස් සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිඵලයක් නිකුත් වී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.
කෙසේ වෙතත් අගමැතිවරයා හොඳින් සිටින අතර දෙදෙනාම මොන්ක්ලෝවාහි නිරෝධායනය යටතේ රැඳී සිටින අතර ඔවුන් සෞඛ්‍ය අංශවල නිරීක්ෂණය යටතේ පසුවන බවද සඳහන් වෙයි.
මීට පෙර කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳටද වෛරසය ආසාදනය වූ අතර ඇයද නිරෝධායනය යටතේ පසුවෙයි.