පාසල් නැවත විවෘත කිරීම හා සමගාමීව දෙවැනි වරට යළිත් නව කොරෝනා වෛරසය පැතිර යාමේ වර්ධනයක් සමග බටහිර යුරෝපයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 500,000ක් ලියාපදිංචි කළ පළමු වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව ආසාදිතයන් 525,549ක් වාර්තා වූ අතර එය සිකුරාදා සටහන් වී තිබුණේ, 498,989ක් ලෙසිනි. එමෙන්ම ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 2,440ක් වාර්තා වී තිබුණි. කෙසේ වෙතත් ස්පාඤ්ඤය සිය කොරෝනා දත්ත ක්‍රියාකාරී ලෙස යාවත්කාලීන කරමින් නවතම දත්ත සංශෝධනය කිරීමත් සමග මෙසේ ආසාදිතයන් සංඛ්‍යාව 525,549ක් ලෙස සටහන් වෙයි.
බොහෝවිට රෝග ලක්ෂණ වර්ධනය නොවන තරුණ තරුණියන් අතර මෑත කාලීන ආසාදන බහුලව දක්නට ලැබෙන අතර, මරණ අනුපාතය මාර්තු-අප්‍රේල් උපරිමයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බවද ස්පාඤ්ඤ සෞඛ්‍ය බලධාරීන් පවසයි. කෙසේ වෙතත් මේ වනවිට ස්පාඤ්ඤයේ කොවිඩ්-19 වෛරසයෙන් පුද්ගලයන් 29,516 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.