කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ස්පාඤ්ඤය පුරා තවදුරටත් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස සමස්ත රටම ආවරණය වන පරිදි ස්පාඤ්ඤයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබේ.
ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,209ක් දක්වා ඉහළ යමින්, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 120ක් දක්වා වැඩිවීම හේතුවෙන් අගමැති පේද්රෝ සැන්චෙස් අද (13දා) සවස මෙම තීරණයට පැමිණියේය.
මෙම හදිසි අවස්ථාව හෝ අනතුරු ඇඟවීමේ තත්ත්වය හේතුවෙන් එරට ඇතැම් ප්‍රදේශවලට හෝ ස්ථානවලට ප්‍රවේශ වීම තහනම් කිරීමත්, මහජනයාගේ ඇතැම් සාමාන්‍ය ක්‍රියාකාරකම් හෝ වාහනවල ගමන් කිරීම සීමා කිරීම ඇතුළු පුළුල් පරාසයක පියවර ගැනීමට රජය කටයුතු කරනු ඇති බව කියයි.
වර්තමානයේදී, මෙම නව ක්‍රියාමාර්ගය දින 15ක් පැවතියද, අවශ්‍ය වුවහොත් එය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා ස්පාඤ්ඤ රජය පාර්ලිමේන්තුවේ අවසරය ලබාගැනීමටද බලාපොරාත්තු වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.