ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 10,476ක් ගෙවීගිය දිනයේ තහවුරු කර ඇති අතර, එය වසංගතය ආරම්භ වීමෙන් පසු වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව බව පැවසෙයි.
එය ඊට පෙර දින ආසාදිතයන් 9,800ක් සමග තබා තිබූ වාර්තාව බිඳ හෙලූ අවස්ථාවකි.
එමෙන්ම කොවිඩ්-19 සමග ස්පාඤ්ඤයේ පශ්චාත් අගුලු දැමීමේ කාලයේදී වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාවද ගෙවීගිය දිනයේ වාර්තා විය.
ඒ අනුව පුද්ගලයන් 184 දෙනෙකු වෛරසය ආශ්‍රිතව මියගොස් තිබුණු අතර, මේ සමග රටේ සමස්ත මරණ සංඛ්‍යාව 29,418ක් දක්වා ඉහළ ගොස් තිබේ.
යුරෝපයේ වෛරසය මුලින්ම ආරම්භ වී පසුව පාලනය කළ ස්පාඤ්ඤය තුළ දෙවැනි රැල්ල ආරම්භ වෙමින් පවතින බවට අනතුරු ඇඟවෙයි.