සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්රදේශයේ වඩු මඩුවක සඟවා තිබූ රුපියල් කෝටි 23 අධික වටිනාකමින් හොරෙයින් මත්කුඩු තොගයක් සමග වඩු කාර්මිකයෙකු (2) අත්අඩංගුවට ගත් බව මීගහවත්ත පොලීසිය කියයි
එම සැකකරු සමඟ මත්කුඩු කිලෝ විසිතුනක් පොලිස් භාරයට ගෙන ඇත
පසුගිය දිනවල මත්කුඩු සමග වරින් වරින් වර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදු කළ බව මීගහවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතා පැවසීය
වඩු මඩුව වටලා සිදුකළ පරීක්ෂාවේදී එහි බෆල් දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණු මෙම මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකාර වඩු කාර්මිකයා ගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය කරන සිය සහෝදරයා මීට මාස කිහිපයකට ඉහතදී මෙම මත්කුඩු තොගය රැගෙන විත් මෙම ස්ථානයෙහි සැඟවූ බවට අනාවරණය කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
ඒ අනුව එම කොස්තාපල්වරයා ද අත්අඩංගුවට ,ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක පුද්ගලයෙකි
මීගහවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ