සපුගස්කන්ද පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් 40 කට ආසන්න හොරෙයින් මත්කුඩු සමග අද (23දා) වැලිසර ළය රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාස කියයි.
එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 394 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරු පදවාගෙන පැමිණි එන්ජින් අංක කපා ව්‍යාජ ලෙස සැකසූ යතුරුපැදියක් හා රුපියල් 10220 ක මුදලක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකාර කොස්තාපල්වරයා වැලිසර ළය රෝහලේ රෝහල් පොලිසියේ විශේෂ රාජකාරි නිරත වූ අයෙක් වෙයි.
වැලිසර ළය රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට දී මත්කුඩු ග්‍රෑම් එකසිය හතක් (107 )ක් සමග අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා පදිංචි මුල්ලේරියාව ජයන්ති මාවතේ නිවස පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ තවත් මත්කුඩු ග්‍රෑම් 286 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කොස්තාපල්වරයා ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රසික රුවන් කුමාර විජේතුංග නොහොත් නේවි රුවන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දක්වන්නෙක් බවත් මත්ද්‍රව්‍ය සඟවා තැබීම, ප්‍රවාහනය කිරීම ,ප්‍රවාහනය කිරීම සඳහා ආරක්ෂාව සැපයීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය.