ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලික හා ලංගම බස් රථ වල ආසන ගණනට මගීන් ප්රවාහණය හෙට දින (13දා) සිට අවසර ලබා දීමට තීරණය කර තිබේ.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය හා පුද්ගලික අංශයේ රාජකාරි සඳහා වාර්තා කරන සේවකයින් සඳහා ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධව අද දින (12දා) විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අදාල සියලු අංශ සමග සාකච්ඡා කළේය.
මෙම සාකච්ඡාවට පළාත් ප්‍රවාහණ බලධාරින්, අමාත්‍යාංශයේ නිලධාරින්, මෙන්ම මගී ප්‍රවාහන සේවාවල නිරතවන සංගම්වල නියෝජිතයින්ද සහභාගි විය.
ඒ අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මහජන සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි පොදු ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පහත සඳහන් තීන්දු තීරණ ගනු ලැබීය.
- සියලුම පුද්ගලික බස් රථ හෙට දින සිට ප්‍රවාහණ කටයුතු ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා අදාල සංගම්වලින් ඉල්ලා සිටියේය.
- දැනට ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල හැර දිවයිනේ සෙසු සියලුම දිස්ත්‍රික්කවල හෙට දින සිට ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය සඳහා අවසර ලබා දෙන අතර එහිදී ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා සඳහා අදාළ වැඩබිම්වලට සේවය වාර්තා කරන පිරිස් සඳහා පමණි.
- සාමාන්‍ය මගී ජනතාවට ප්‍රවාහන සේවා සැපයීමේ දී අත්‍යවශ්‍යම කාරණා සඳහා පමණක් සීමා කරන අතර, අනවශ්‍ය ගමන් බිමන් සඳහා ප්‍රවාහන සේවා යොදා ගැනීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
- බස් රථවල ගමන් කිරීමේ දී මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්යය වේ. මුව ආවරණ නොමැති කිසිවෙක් බස් රථවලට ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇත.
- සියලුම මගීන් බස් රථයට පසුපස දොරෙන් ඇතුලුව ඉදිරි පස දොරෙන් බැස යා යුතුය.
- විෂබීජනාශක සෑම බස් රථයකම තිබිය යුතු අතර බස් නැවතුම් පොළවල අත් සෝදා ගැනීමේ පහසුකම් සළසා තිබේ.
- සාමාන්‍ය මගී ජනතාව වෙත කෙරෙන නිවේදනය නම් කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව අත්‍යවශ්‍යම කටයුත්තකට හැර පොදු ප්‍රවාහණ සේවාවන් භාවිතා කිරීමට කටයුතු නොකළ යුතුය යන්නයි.
- දුම්රිය මගීන් ප්රවාහණයේ දී දැනට ප්‍රවාහණ පහසුකම් සැලසෙන්නේ වාර ප්‍රවේශ පත්‍ර ඇති පුද්ගලයින් සඳහා පමණි. එහෙත් ආසන ගණනට මගීන් ප්රවාහණය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට හෙට දින සිට ම තාක්ෂණික ගැටලුවක් නොමැති නම් මුදල් ගෙවා ටිකට් පතක් ගෙන යාමට අවස්ථාව සැලසිය හැකිය. මේ සම්බන්ධව දුම්රිය බලධාරින් සමග සාකච්ඡා කර සුදුසු පියවර ගනු ලැබේ.
ඇතැම් රජයේ සේවකයින් ප්‍රවාහණ සේවා පහසුකම් නොමැතිව සිටින බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පෙන්වුවද, එම සේවකයින් දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට හෝ නිසි පරිදි දුම්රිය හා ලංගම බස් රථවල ගමන් කිරීම සඳහා අවසර ගත් පිරිස් නොවන බව පෙනී ගොස් ඇත.එහෙත් ඇතැම් ස්ථානවල අඩුලුහුඩුතා දක්නට ලැබුනත්, ලංගම මගින් ඊයේ දිනය තුළ ප්‍රශස්ථ සේවාවක් ලබා දි ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද, පුද්ගලික බස් රථ සංගම් විසින් පසුගිය කාලය තුළ බස් රථ හිමියන් මුහුන දී සිටි ගැටලු ගණනාවක් ඉදිරිපත් කළ අතර ඒ සියල්ල සම්බන්ධයෙන් හෙට දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට තොරතුරු ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
කෙසේ වුවද ලබන සදුදා වන විට සියලු ප්‍රවාහන සේවා යතා පරිදි පවත්වාගෙන යාමට හැකි වෙතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.