ලබන සඳුදා දිනයෙන් පසුව රට වසා දමනු ඇතැයි තමන් නොසිතන බවත් ක්‍රමානුකූලව රට විවෘත කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
සති හතරක නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග රෝගීන්ගේ මෙන්ම මරණවල අඩුවක් දක්නට ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
“ඇත්තටම දැන් මේ වෙන කොට ආසාදිත සංඛ්‍යාව වගේම මරණ වලත් යම්කිසි අඩුවීමක් දක්නට තිබෙනවා. අපි විශේෂයෙන්ම රජය, ජනපතිතුමා සති හතරක අඟුළු දැමීමක් සිදුකිරීම තුළ අපි දකිනවා රෝගන්ගේ අඩුවීමක්. මරණ වල අඩුවීමක්. මොන චෝදනා එල්ල කළත් ලොක්ඩවුන් එක විශාල පිටිවහල් වුණා රෝගීන් අඩුවීමට.
ඒ වගේම එන්නත්කරණය කඩිනම් කළා. ඒ ක්‍රියාවලිය වගේම ජනතා සහභාගිත්වයත් එක්ක රෝගීන්ගේ හා මරණවල අඩුවීමක් දක්නට ලැබෙනවා. සති හතරක කාලය හොඳටම ප්‍රමාණවත්. රෝගීන් අඩුවුණා. ලබන සඳුදායින් පසුව රට වහයි කියලා මම හිතන්නේ නෑ. රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි.”