සීනි සහ සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන වෙළෙදුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය අදත් වැටලීම් සිදු කළා.
වවුනියාව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් තොග වෙළදසල් රැසක් පරික්ෂාවට ලක් කර තිබේ.
රජය නියම කර ඇති උපරිම මිල කඩකරමින් වෙළදාමේ නිරත වූ වෙළෙදුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සදහන් කළා.
සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සගවා තබාගන්නන්ට එරෙහිව රජය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසුවා.
අවිස්සාවේල්ල හංවැලල් රුවන්වැල්ල කරවනැල්ල සහ තල්දූව ප්‍රදේශවල සතොස ගබඩාවල අවශ්‍ය තරම් සීනි තොග ඇති බවයි සතොස බලධාරීන් සදහන් කළේ.