බඩ ඉරිගු වගාවට ව්‍යාප්ත වි ඇති සේනා දළඹුවා විනාශ කිරිමට නම් සේනා දළඹුවාට වටිනාකමක් ලබා දි සේනා දළඹුවන් විනාශ කරන ගොවින්ට තැගි මුදලක් ලබා දෙන්නේ නම් සේනා දළඹුවා සම්පුර්ණයෙන්ම විනාශ කිරිමට ගොවින් කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසිය.
නාමල් කරුණාරත්න මහතා ඒ බැව් කියා සිටියේ කොත්මලේ මැතගම වෙල්යාය ප්‍රදේශයේ ගොවින්ට මතු වි ඇති ගැටලු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා නාමල් කරුණාරත්න මහතා එම ප්‍රදේශයේ අද (27) නිරත විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ බඩ ඉරිගු වගාවෙන් ඉවත් වෙන ලෙසට ගොවින්ට දැනුම් දි ඇතත්, බඩ ඉරිගු වගාවේ දැනට සිටින සේනා දළඹුවන් විනාශ කිරිමට රජය විධිමත් වැඩ පිළිවෙළක් නොගැනිමේ තත්ත්වය මත සෙසු කෘෂි භෝග වලට සේනා දළඹුවා ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බවයි.
සේනා දළඹුවා නිසා විනාශ වු බඩ ඉරිගු වගාවේ අක්කරයකට රු හතලිස්දාහසක මුදලක් ගොවින්ට ප්‍රමාණවත් නොවන බවත්, අවම වශයෙන් අක්කරයකට රු හැත්තැ පන්දහසක මුදලක් රජය මගින් ලබා දිය යුතු බවයි නාමල් කරුණාරත්න මහතා කියා සිටින්නේ.