ව්‍යසනයක් බවට පත් විය හැකි වී වගාව ඇතුළු කෘෂි බෝග සියයකට පමණ වින කරන සේනා දළඹුවා නම් දළමු විශේෂය මේ වනවිට ලංකාවේ කෘෂිකාර්මික ගොවි ජනපදවල වගා බිම් ආක්‍රමණය කිරීමට පටන් ගෙන ඇතැයි කෘෂිකර්ම නිලධාරිහු අනතුරු අගවති.
අප්‍රිකානු රටවල ව්‍යාප්ත වූ සේනා දළඹුවා ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් ද ආක්‍රමණය කිරීමට පසුගිය වසරේ දී සමත් වූ අතර ඉන්දියාව මෙම ව්‍යසනයට දැඩි සේ ගොදුරු වූ බවත් ඉන් ශ්‍රී ලංකාවට ද ඇතුළු වී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වගා බිම් ආක්‍රමණය කිරීම ද ආරම්භ වී ඇතැයි ඔවුහු අනතුරු අගවති.ඉකුත් මාසයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ම බඩ ඉරිගු වගාවන් ආශ්‍රිතව මෙම දළඹු විශේෂය සොයා ගත් අතර කුරුණෑගල,පුත්තලම දිස්ත්‍රික්කවල ද පැතිරෙන්නට පටන් ගෙන ඇත.
සේනා දළමුවා විසින් මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ද වගා බිම් ආක්‍රමණය කිරීම ට පටන් ගෙන ඇති බවත් පළමු ආක්‍රමණය සීගිරිය මහසෙන්ගම ප්‍රදේශයේ බඩ ඉරිගු යායකට සිදුව ඇති බවත් පොලොන්නරුව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ(අන්තර් පළාත්) ආර්.පී.උපාලි මහතා පවසයි.මේ තත්ත්වය හමුවේ ගොවීන් කඩිනමින් දැනුවත් කිරීමත් පළිබෝධ මර්දනයත් කඩිනමින් සිදු කළ යුතු බවත් ඒ සදහා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ උපදෙස් හා මග පෙන්වීම් ලබා ගන්නා ලෙසත් ඒ මහතා ගොවි ජනතාවට දැනුම් දෙයි.
තුෂාර තෙන්නකොන්