යටියන්තොට ප්රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ති්රවරයෙකූ අධික ණය බර ගෙවාගත නොහැකිව සිය සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇත. බුලත්කොහුපිටිය පොලිස් වසමේ ඉහළ පැලැම්පිටිය ලිපිනයේ පදිංචි රන්හවඩිගේ උපුල් සිසිර කූමාර නැමැති වයස අවුරු 39 ක් වන පළාත් සභා මන්ත්රීවරයෙකු මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඔහුගේ අලුතින් ඉදිකරමින් පවතින නිවස ඉදිරිපිට ඊයේ (02) රාත්රියේදී සිරුරට ගිනි තබා ගෙන ඇති අතර, බරපතළ තුවාල ලබූ මන්ත්රීවරයා මුලින්ම කරවනැල්ල රෝහලට ඇතූළත් කිරිමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. නමුත් මන්ති්රවරයා අද දින උදෑසන මිය ගොස් ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.