ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිත ලැයිස්තුගත කිරීම සඳහා පිළිවෙලින් අපේ‍්‍රල් 26 සහ මැයි 3 යන දිනවල චීනයේ සීනොෆාම් සහ කොරෝනාවැක් (සීනොවැක්) කොවිඩ්-19 එන්නත් සමාලෝචනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම එන්නත් ද්විත්වය මේ වනවිටත් ලොවපුරා රාජ්‍යයන්හි භාවිතයට ගැනෙන අතර, විශේෂයෙන්ම චීනය තුළ දැවැන්ත එන්නත්කරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදාගෙන තිබේ.
දැනට ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වල පවතින රුධිර කැටිගැසීමේ සංකූලතා තත්ත්වයන් හේතුවෙන් ලොවපුරා එන්නත්කරණ ක්‍රියාවලිය බොහෝ රටවල ඇණහිට ඇති තත්ත්වයක චීනයේ එන්නත් සඳහා අනුමැතිය හිමිවීම ලොවපුරා එන්නත්කරණය වේගවත් කිරීමට පහසුකම් සලසනු ඇත.