ශ්රී ලංකාව චීනයේ සිනෝෆාම් සමාගමෙන් ඇණවුම් කළ එන්නත් වලින් මිලියනයක එන්නත් තොගයක් එළැඹෙන 06 දා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
සිනෝෆාම් සමාගම මේ බව තහවුරු කළ බවත් ශ්රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ සැලැස්මට සහායක් වශයෙන් මෙම එන්නත් තොගය ලැබෙන බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.