සීදූව ප්‍රදේශයේ පිහිටි සන්හිල් සමූහ ව්‍යාපාරයට (Sunhill Group of Companies Pvt Ltd) අයත් කාමර 23 කින් සමන්විත ‘සන්හිල්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නිරෝධායනය සඳහා යොමු කරනු ලබන නාවික හමුදා පුද්ගලයින්ට නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට තාවකාලිකව නාවික හමුදාව වෙත ලබා දීම අද (02දා) සිදු කරන ලදි.
ගෝලීය වසංගත තත්වයක් ලෙස කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුලද ව්‍යාප්ත වීමත් සමග රටේ සංචාරක කර්මාන්තය සහ ඒ ආශ්රිත සේවාවන් මුළුමනින්ම අඩපණ වී ඇත. එවන් වතාවරණයක් යටතේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා රාජකාරීන්හි යොදවනු ලබන නාවික හමුදා පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණින් එම නිරෝධායන කටයුතු සඳහා දායක වීමට සන්හිල් සමූහ ව්‍යාපාරයේ (Sunhill Group of Companies Pvt Ltd) සභාපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා විසින් ගත් තීරණයකට අනුව නාවික හමුදාව වෙත තාවකාලිකව භාරදීම ්නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා නියෝජනය කරමින් නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් රැසක් මෙන්ම සන්හිල් සමූහ ව්‍යාපාරයේ (Sunhill Group of Companies Pvt Ltd) සභාපති ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.
රට තුළ ඇති වී තිබෙන මෙම හදිසි ව්‍යසනකාරී තත්වය සාමාන්‍ය අතට පත් වූ පසු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂබීජහරණය කර නැවතත් මෙම සුඛෝපභෝගී නිවාඩු නිකේතනයේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කිරීම සඳහා එම සමාගමට භාර දීමට නියමිතව ඇත.