චීන ඖෂධ සමාගමක් වන සීනොවැක් බයෝටෙක් විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් යානයක් ඊයේ (28දා) එල් සැල්වදෝරයට ළඟා වී තිබේ.
එල් සැල්වදෝරයේ සෞඛ්‍ය අමාත්‍ය ෆ්රැන්සිස්කෝ ඇලබි සහ එල් සැල්වදෝරයේ චීනයේ තානාපති ඕ ජියාන්හෝං ඇතුළු දෙරටේ නිලධාරීන් ගුවන්තොටුපලේදී මෙම එන්නත් තොගය පිළිගත්තේය.
මෙම එන්නත් එල් සැල්වදෝරයේ ප්‍රතිශක්තිකරණ ප්රයත්නය ඉහළ නැංවීමට සහ වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට එහි ජාතික එන්නත ලබා ගැනීමේ ප්රයත්නයේ දී වැඩි උපකාරයක් ලබාදෙනු ඇති බව කියයි.
එල් සැල්වදෝරයේ මේ දක්වා 70,000කට අධික පිරිසකට එන්නත් ලබා දී ඇත.