චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත දකුණු අප්‍රිකානු සෞඛ්‍ය නිෂ්පාදන නියාමන අධිකාරිය විසින් එරට තුළ හදිසි භාවිතය සඳහා අනුමත කර තිබේ.
දකුණු අප්‍රිකාව සෙනසුරාදා නව කොවිඩ්-19 ආසාදිතයන් 26,000ක් වාර්තා කළ අතර, එය දින ගණනක් තුළ වාර්තාගත ලෙස ආසාදිතයන් වාර්තා වූ දෙවැනි අගයයි.
තුන්වැනි ආසාදන රැල්ල විශාල වශයෙන් හඳුනා නොගත් ජනතාවක් හරහා වෛරසය පැතිර යමින් සිටින අවස්ථාවක එරට එන්නත්කරණය වේගවත් කිරීම සඳහා මෙසේ සීනොවැක් එන්නත සඳහාද අනුමැතිය ලබාදී තිබේ.