චීනයේ සීනොවැක් බයෝටෙක් හි කොවිඩ්-19 මර්දන එන්නත වයස අවුරුදු 3ත් 17ත් අතර දරුවන් සහ නව යොවුන් වියේ ළමයින්ට හදිසි භාවිතය සඳහා චීනය අනුමත කළ බව එහි සභාපති යින් වයිඩොන්ග් පවසයි.
ජුනි මස 3දා වනවිට චීනයේ එරට තුළ සම්පූර්ණ එන්නත් මාත්‍රාව මිලියන 723.5ක් ලබා දී ඇති අතර, මෙතෙක් එන්නත් ලබාදීම විවෘතව තිබුණේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි අයට පමණි.
ඒ අනුව සීනොවැක් එන්නත තරුණ කණ්ඩායම්වලට ලබාදෙන්නේ චීනයේ එන්නත් කිරීමේ උපාය මාර්ග සකස් කරන සෞඛ්‍ය බලධාරීන් මත බව යින් සජීව සම්මුඛ සාකච්ඡාවකදී රාජ්‍ය රූපවාහිනියට පැවසීය.
චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ එන්නතකි.
වෛරසය ආසාදනය වීමෙන් පසු දරුණු රෝග ලක්ෂණ සහ වැඩි අවදානමක් ඇති වයෝවෘද්ධ අය සමග සසඳන විට බාල වයස්කරුවන්ට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබාදීම සඳහා අඩු ප්‍රමුඛතාවක් පැවති බවද යින් පැවසීය.
කෙසේ වෙතත් පළමු හා දෙවැනි සායනික අත්හදා බැලීම්වල මූලික ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇත්තේ එන්නත මගින් අවුරුදු 3 සිට 17 දක්වා ළමයින් සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කළ හැකි අතර අහිතකර ප්‍රතික්‍රියා ඉතාම මෘදු මට්ටමක පවතින බවය.
සීනොවැක් එන්නතේ නිෂ්පාදනයට සමාන තාක්ෂණයක් භාවිත කරන එරට රාජ්‍ය අනුග්‍රහය දක්වන ඖෂධ නිෂ්පාදකගේ සීනොෆාම් එන්නතද තරුණ කණ්ඩායම්වලට ලබාදීම පිළිබඳ දත්ත චීනයේ නියාමකයන්ට ඉදිරිපත් කර තිබේ. එමෙන්ම මෙම එන්නත් දෙකට වෙනස් තාක්ෂණයක් භාවිත කරන කැන්සිනෝ බයෝලොජික්ස් හි එන්නතක්ද, වයස අවුරුදු 6ත් 17ත් අතර අයට ලබාදීම සම්බන්ධ දෙවැනි අදියර පරීක්ෂණයන් සිදුකරමින් සිටියි.