චීනයේ සීනොවැක් බයෝටෙක් සමාගමේ කොරෝනාවැක් එන්නත සඳහා චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනයෙන් කොන්දේසි සහිත වාණිජ අනුමැතිය ලබාගත් බව එම සමාගම ප්‍රකාශය පවසයි.
චීනයට අයත් වාණිජ වශයෙන් මහජන භාවිතය සඳහා අනුමත කරන ලද දෙවැනි කොවිඩ්-19 එන්නත මෙය වන අතර, මීට පෙර පසුගිය දෙසැම්බරයේදී චීනයේ සීනොෆාම් එන්නත සඳහා මෙවැනිම අවසරයක් ලැබුණි.
සීනොවැක් හි කොරෝනාවැක් පසුගිය ජුනි මාසයේ සිට චීනයේ හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති අතර වෛරසයට මුහුණ දීමට වැඩි අවදානමක් ඇති ඉලක්කගත කණ්ඩායම් සඳහා එය භාවිත කරමින් තිබුණි.
සමාගමේ ප්‍රකාශයට අනුව ඉන්දුනීසියාව, තුර්කිය, බ්‍රසීලය, චිලී, කොලොම්බියාව, උරුගුවේ සහ ලාඕසය යන රටවල කොරෝනාවැක් එන්නත සඳහා හදිසි අවසරයක් ලබා දී ඇත. වෛද්‍යවරුන් සහ වැඩිහිටියන් ඉලක්ක කර ගනිමින් විවිධ රටවල් එන්නත් කිරීමේ වැඩසටහන් දියත් කර ඇති බවද සමාගම පවසයි.
සීනොවැක් එන්නත බ්‍රසීලය, තුර්කිය සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම්වලදී පරීක්ෂාවට ලක් කෙරෙන අතර, එහිදී විවිධ කාර්යක්ෂමතා කියවීම් වෙන වෙනම නිකුත් කර ඇති බවද සමාගම වැඩිදුරටත් පවසයි.