සිනමාහල් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් වර්තමානයේදී ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි කෝප් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.
එබැවින් සිනමාහල් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පාර්ශ්වයෙන් නව කියවීමක් අවශ්‍ය බව ඊයේ (19) පැවැති කෝප් කාරක සභාවේදී හෙතෙම පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ 2016 සහ 2017 මුල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබුණා.
2020 වසරේ දෙසැම්බර 31 දිනට ජාතික චිත්‍රපට සංස්ථාව හා අරමුදල විසින් ලබා දී තිබූ, අයකර නොගත් චිත්‍රපට නිෂ්පාදන ණය ශේෂය රුපියල් 141,292,087 ක් බව කෝප් කාරක සභාවේදී අද හෙළි වුණා.
2016 මාර්තු 24 වන දින පැවැති කෝප් කාරක සභාවේදී සිනමා ශාලා නවීකරණය කිරීම පිළිබඳ වැඩපිළිවෙලක් සැකසීමට හා ප්‍රගතිය වාර්තා කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබූ අතර, මෙතෙක් එය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාව ජාතික චිත්‍රපට සංස්ථාවෙන් විමසුවා.
2019 වසර අවසන් වන විට සංස්ථාව බැංකු ජංගම ගිණුම් 09 ක් පවත්වා ගෙන ගිය අතර, සාමාන්‍ය මාසික ශේෂය රු.මිලියන 29.2 ක් බව කාරක සභාවේදී හෙළී වූ අතර, මෙම ආයතනය තුල නිවැරදි මුදල් කළමණාකරණයක් නොමැති වීම ප්‍රබල ගැටලුවක් බවද කාරක සභාවේ සභාපතිවරයා පැවසුවා.
සිනමා ඉසිවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීම සඳහා රු.මිලියන 99.9 ක ඇස්තමේන්තුවක් මත 2019 අප්‍රේල් මස 05 වැනි දින වැඩ ආරම්භ කර තිබූ අතර, නියමිත කාලය තුළ වැඩ අවසන් නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු වුණා.