'පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඬුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ 'දූෂණය' නමැති වරද සිදු කිරීමේ චෝදනාවන්ට තමන් ‘නිවැරදිකරුවන් බව 'ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (12දා)දැනුම් දුන්හ.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා 47 විවෘත අධිකරණයේ කියවා දීමෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට තමන් ‘වැරදිකරුද, ‘නිවැරදි කරුද යන්නෙන් විනිසුරුවරයා නැගූප්රශ්නයකට පිළිතුරු දෙමින් මෙම චෝදනාවන්ට තමන් 'නිවැරදිකරු’ බව විත්තිකරුවන් දෙදෙනා වෙන වෙනම අධිකරණය හමුවේ පැවසූහ.
අනතුරුව විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා, මෙම නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වූ විඩත්තපළ යුද හමුදා කඳවුරේ රාජකාරි කරන 532 බලසේනාධිපති කර්නල් ශෙවාන් අසේල කුලතුංග මහතාගේ සාක්ෂි විමසීම ආරම්භ කළේය.