හෙට (05දා) දිනයේදීත් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා එක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි. නැවතත් හෙට දිනයේදි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඔවුන් පසුගිය පාර්ලිමේන්තු සැසිවාර තුනක් සඳහාද එක් නොවීම. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.