සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපනය කිරිම සඳහා ශ්‍රී ලංකාවට සහායවීමට කටාර් රාජ්‍යය කැමැත්ත පළ කරයි. මේ සදහා බලශක්ති ක්ෂේත්රයේ ඉහළ පෙළේ සමාගම් රැසක් එක්වනු ඇත.
කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සාඩ් ෂෙරීඩා අල්-කාබි මහතා (Saad Sherida Al Kaabi) අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරිණි.
මෑතකදී ලත් මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව කටාර් රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති රාජපක්ෂ මහතාට සුබ පැතුම් පළ කළේය.
අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරිමට ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් විශේෂ නියෝජිතයෙකු නම් කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ බලශක්ති උත්පාදනය සඳහා කටාර් රාජ්‍යයේ සහාය ලබා ගැනීම පිළිබද තමා ඉතා උනන්දුවක් දක්වන බවයි.
රටේ අනාගත බලශක්ති අවශ්‍යතාවයන්ගෙන් 80%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අපේක්ෂාවයි. කටාර් රාජ්‍යයේ යෝජනාව පිළිබද ඉදිරි කටයුතු සදහා තම නියෝජිතයා වශයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා නම් කරන බවද ජනාධිපතිතුමා පැවසීය.
අදාළ කටයුතු සොයා බැලීමට ජනාධිපති ලේකම්වරයා දෝහා නරගයේ චාරිකාවකට එක් වන ලෙසට ද අමාත්‍යවරයා ආරාධනා කළේය.
බලශක්ති උත්පාදනයට අදාළ ශ්‍රී ලංකාවේ සැලැස්ම එම චාරිකාවේ දී විස්තර කෙරුණු ඇත.
කටාර් රාජ්‍යයේ ව්‍යාපෘති පාකිස්ථානයේ සහ පෝලන්තයේ සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බවද කටාර් රාජ්‍ය ආමත්‍යවරයා පැවසීය.
“බලශක්ති උත්පාදනයෙන් ඔබ්බට ගොස් කටාර් රාජ්‍යය සමග ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
අපගේ තේ, එළවලු විශේෂයෙන් කාබනික එළවලු සහ පළතුරු සඳහා අපට වෙළෙඳපොළ අවශ්‍යයි.
මෙම නිෂ්පාදන වෙනත් රටවල්වලට සැපයීමට ශ්‍රී ලංකාවට ඉහළ හැකියාවක් තිබෙනවා යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.
ධනාත්මකව ප්‍රතිචාර දක්වමින් කටාර් රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ ශ්‍රී ලංකාවේ තම සංචාරය මෙවන් සහයෝගීතාවක පළමු පියවර වනු ඇති බවයි.
දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන් ද, ශ්‍රී ලංකාවේ කටාර් තානාපති Jassim bin Jaber Al-Sorour, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.