චීනයේ සීනොෆාම් විසින් නිෂ්පාදනය කරනලද කොවිඩ්-19 ආරක්ෂන එන්නත සෙනෙගාල ජනාධිපති මැකී සල් විසින් එරට ජනාධිපති මන්දිරයේදී විද ගන්නා ලදී.
රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුට සහ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයටද මේ සමග එන්නත ලබාදී තිබේ.
පසුව ජාතිය අමතමින් සෙනෙගාල ජනාධිපතිවරයා කියා සිටියේ වයස අවුරුදු 60ට වැඩි සියලුම පුද්ගලයන්ට එන්නත ලබාදීමට කටයුතු කරන අතර, තමා සහ රජයේ සාමාජිකයන් එන්නත ලබාගැනීමේ ආදර්ශය ජනතාවට ලබාදුන් බවත්ය.