ජලභිතිකා රෝගයෙන් පසුගිය වසරේ සහ මේ වසරේ ගෙවුණු මාස කිපිහය තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික් දෙකේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවයේ අධ්යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා ඊයේ (06දා) ගොඩකවෙලදී පැවසුවේය.
මේ වනවිට රටපුරා විසිරී සිටින සුනඛ ගහණයේ අඩුවක් දක්නට ඇති බවත් ලක්ෂ තිහක් වූ එම සුනඛ ප්‍රමාණයෙන් ලක්ෂ නවයක් අයිතිකරුවන් නැති අයාලේ යන සුනඛයින් බවද වෛද්‍ය කිත්සිරි මහතා අවධාරණය කළේය.
ගොඩකවෙල ප්‍රාදේශීය සභාව මගින් සුනඛ ව්යන්ධීකරණ සහ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය.
ගෙවුණු වසරේ දී සුනඛයින් සපා කෑමෙන් ජනභිතිකා රෝගය වැළඳී පුද්ගලයින් විසි හය දෙනෙක්ද මේ වසරේ ගෙවුණු මාස කිහිපය තුළ පුද්ගලයින් අට දෙනෙක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඉන් වැඩි ප්‍රමාණයක් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ බවද පැවැසීය.
අයිතිකරුවන් නොමැති හෙවත් අයාලේ යන සුනඛයින් නිසා ලංකාවේ සුනඛ ගහණය අඩු කිරිමට නොහැකි වී ඇති බව ද වෛද්‍ය කිත්සිරි මහතා පෙන්වා දුන්නේය.
සුනඛ ව්යන්ධීකරණ සහ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන් සඳහා 2019 වසර තුළ රුපියල් ලක්ෂ 300ක් සහ මේ වසරේ ගෙවුනු මාස කිහිපයට ලක්ෂ 30ක මුදලක් වැය කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. එකී මුදල් වැයකර ගිය වසරේදී සුනඛයින් හැට දහසක් සහ මේ වසරේදී එකොළොස් දහසක් පමණ ව්යන්ධීකරණ ලක්කර ඇති බවද සඳහන් කළේය.