අපවත්වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායකත්වය හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් භාරගෙන ඇති බව වාර්තා වෙයි.
ඔහු නායකත්වයට පත්වීමෙන් පසුව පවත්වන පළමු මාධ්‍ය සාකච්ඡාව හෙට දිනයේදී පවත්වන බව එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විධායක ජනපතිධුරය අහෝසි කිරීම ඇතුළු ජනතා අභිවෘද්ධියට හේතුවන කරුණු කිහිපයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතක ව්‍යාපාරය බිහි කරන ලදී.