පොකුරු ආකාරයෙන් කොරෝනා රෝගීන් හමුවු ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ රාජකාරී කළ ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට PCR පරීක්ෂණය සිදු නොකිරීම ගැන එම නිලධාරීහු කනස්සල්ලට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියකු මුලින්ම වාර්තා වු දින සිට එම ප්‍රදේශයේ කොරෝනා රෝගීන් සොයමින් මෙහෙයුම් කල පොලිස් බුද්ධි අංශ හා පොලිස් නිලධාරීන් මෙලෙස කනස්සල්ලට පත්ව සිටින බව එම පොලිස් ආරංචි මාර්ගවලින් වලින් පැවසිනි.
එම ප්‍රදේශයේ පසුව රාජකාරී සදහා පැමිණි නාවික හමුදාව නිලධාරීන් කොරෝනා රෝගය ආසාදනය වී ඒ හරහා එම රෝගය විශාල වශයෙන් පැතිර ගිය අවස්ථාවක ජා-ඇල පොලිස් නිලධාරීන් සදහා PCR පරීක්ෂණය සිදු නොකිරීම ගැටලු සහගත බවද පැවසෙයි.
එසේම ඇතැම් පොලිස් නිලධාරීන් කැස්ස හා උණ රෝග ලක්ෂණ පෙන්නුම් කලද ඔවුන්ට ඒ සඳහා සාමාන්‍ය ප්‍රතිකාරයක් පමණක් ලබාගැනීම ට සිදු වු බවද පොලිස් ආරංචි මාර්ගවලින් වලින් පැවසිනි.
මේ සම්බන්ධයෙන් ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතාගෙන් අප අප්‍රේල් 30දා විමසා සිටියදී ඒ මහතා පවසා සිටියේ ජා-ඇල පොලීසියෙන් PCR පරීක්ෂණය සදහා නිලධාරීන් 90 කගේ නාමලේඛනය ක් ලබා දුන් බවත් තිබෙන හැකියාව මත සුදුවැල්ල ප්‍රදේශයේ ඍජුවම රාජකාරි කල පොලිස් හා බුද්ධි අංශ නිලධාරීන් 20 දෙනකු තොරා ප්‍රථමයෙන් අදාළ පරීක්ෂණ ය සිදු කිරීමට ඉදිරියේදී ක්‍රියා කරන බවයි.
එසේම සුදුවැල්ල ප්‍රදේශයට මාධ්‍ය ආවරණ කටයුතු කිරීමට පැමිණි මාධ්‍යවේදීන් ද PCR පරීක්ෂණය සදහා යොමු කිරීමට කටයුතු කරන බවද අනුර අබේරත්න මහතා පවසා සිටියහ.
ජා-ඇල ප්‍රසංග පෙරේරා