ජාඇල සුදුවැල්ල පදිංචිව සිට කොරෝනා ආසාදනයට ලක්ව කොළඹ අයි.ඩි.එචි රෝහලට ඇතුලත් කර සිටි පිරිස අතරින් තවත් රෝගින් දෙදනෙකු සුවවී අද (06) සිය නිවෙස් වෙත පැමිණ ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පවසයි.
මේ දෙදෙනාත් සමග මේ වන විට සුදුවැල්ල ප්‍රදේශයේ සිට කොරෝනා වෛරසය වැලදි රෝහල් ගත කර සිටි අය අතරින් සුවවී රෝගින් පස් දෙනකු තම නිවෙස් වෙත පැමිණ ඇති බවද එයින් දෙදනෙකු කාන්තාවන් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
මේ අතර සුදුවැල්ල ග්‍රාමයෙන් නිරෝධායනය සදහා ඔලිවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පිරිසෙන් තවත් 20 දෙනකුද දින 21 කාලයක් නිරෝධායනයෙහි යෙදි සිට අද දින (06) සුදුවැල්ල ගමට පැමිණ ඇති අතර ඒ පිරිස ඔවුන්ගේ නිවෙස් තුළම තවත් දින 14 ස්වයං නිරෝධායනයේ යෙදවීමට කටයුතු කර ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා සඳහන් කළේය.
ජාඇල තිස්ස කොටින්කඩුව