වයස අවුරුදු 18ට වැඩි, එහෙත් ස්ථිර ලිපිනයක් නොමැති සියලු දෙනාට ඡන්ද අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉන්දියාවේදී විදුලි කණු යට ජීවත් වන ජනතාවට අදාළ විදුලි කණුවේ අංකයට ඡන්ද අයිතිය ලබාදී තිබෙන බවද එම කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
එහෙත් ලංකාව තුළ විදුලි කණු යට විශාල පිරිසක් ජිවත් නොවන බවත්, කෙසේ හෝ ස්ථිර ලිපිනයක් නොමැති ජනතාවට ඡන්ද අයිතිය ලබාදීම සඳහා ඉදිරි මාස දෙක තුළ වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඔහු පවසා සිටියේය.