ගෙවුණු දෙසතිය තුල දී රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඞ් 19 ආසදිතවුවන් 543 දෙනෙක් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18න් වාර්තා වී ඇති බව ද පුද්ගලයින් 2320ක් දින වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටින බවද රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඊයේ පැවසුවාය.
ගෙවුණු දෙසතිය තුල වැඩිම ආසාදිතයන් ගණන වු 77ක් වාර්තා වී ඇත්තේ කුරුවිටිනි. කිරිඇල්ලෙන් 62කි. රත්නපුරෙන් 53කි. ඇඹිලිපිටියෙන් 47කි. බළන්ගොඩින් 46කි. කලවානෙන් 39කි. ඉඹුල්පෙන් 37කි. ඇහැළියගොඩින් 36කි. පැල්මඩුල්ලෙන් 34කි. ඇලපාතින් 30කි. ගොඩකවෙලින් 28කි. අයගමින් 18කි. කහවත්තෙන් 14කි. ඕපනායකින් 13කි. නිවිතිගලින් 08 ක් සහ කොලොන්නෙන් එක් අයෙක් ලෙස වාර්තා වූ බව ද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.
මුල්ම කොවිඩ් ආසාදිත රෝගියා වාර්තා වූ දින පටන් පසුගිය මාර්තු 15දා වනවිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති මුලූ ආසාදිතයන් ගණන 3466කි. ඉන් 3051 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇත. මේ වනවිට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 415ක් බවද දිස්ත්‍රික් ලේකම්වරිය පවසන්නීය.
රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 7ක පුද්ගලයින් 2320ක් ඊයේ සවස් වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර සිටින බව ද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.