නවසීලන්තය අද (19දා) දේශීය වශයෙන් නව ආසාදිතයන් 24ක් හඳුනාගෙන ඇති අතර, එය සෙනසුරාදා ආසාදිතයන් 20ක සිට දින කිහිපයක අඩු ආසාදන සංඛ්‍යාවකින් පසු යළිත් සුළු නැග්මක් පෙන්නුම් කර තිබේ.
විශේෂයෙන්ම රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් එහි අගුලු දැමීමේ සීමා ලිහිල් වේදැයි ඇසීමට බලා සිටින අවස්ථාවක මෙසේ ආසාදන සුළු වශයෙන් වැඩිවීම දැකිය හැකිය.
එසේම මෙම ආසාදන සියල්ල වාර්තා වී ඇත්තේ අගෝස්තු මස මැද භාගයේ සිට මුළුමනින්ම 4 වැනි මට්ටමේ ලොක්ඩවුන් තත්ත්වයක ඇති මිලියන 1.7ක ජනතාවක් ජීවත් වන ඕක්ලන්ඩ් නගරයේ වීමද විශේෂත්වයකි.
ඕක්ලන්ඩ් සහ රටේ සෙසු ප්‍රදේශ සඳහා වූ අනතුරු ඇඟවීම් මට්ටම වෙනස් කරන්නේ දැයි අගමැති ජසින්ඩා ආර්ඩෙන්ගේ රජය සඳුදා ප්‍රකාශයට පත්කරනු ඇත.