මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින තත්ත්වය විසඳා ගැනීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටියි.
ඉන්දියාවේ ANI පුවත් සේවය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, "කරුණාකර ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් උදව් කිරීමට උත්සාහ කරන්න, මෙය අපේ මාතෘ භූමියයි, අපි එය සුරැකිය යුතුයි." යනුවෙනි.
මැතිවරණයකට සහභාගී වීමට පක්ෂ සූදානමින් සිටින බවට ප්‍රතිචාර දක්වමින් ප්‍රේමදාස මහතා කියා සිටියේ එය පැවැත්වුවහොත් තමන් ඇතුළු පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බවයි.
"මට ඔබට කියන්න පුළුවන්, අපි සමාජ සේවයට සහ දේශපාලන සේවයට අවතීර්ණ වූ දා සිට මම සහ අපි හැමෝම සූදානම්. ඕනෑම අවස්ථාවක අපි සූදානම්," ඔහු පැවසීය.