විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති හෙයින් ඔහුගේ ආශ්‍රිතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දන්වා ඇති බව වාර්තා වෙයි.
පසුගිය පාර්ලිමේන්තු සැසිවාර සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටි හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඔහුගේ ආශ්‍රිතයින් බවට පත්ව තිබේ.
මේ අනුව එම මන්ත්‍රිවරුන්ට ස්වයං නිරෝධායනය වන ලෙස දන්වා තිබේ.
මේ අතර තමන්ගේ ආශ්‍රිතයන්ට ස්වයං නිරෝධායනය වන ලෙස සජිත් ප්‍රේමදාස මහතා දන්වා ඇති බවද වාර්තා වෙයි.