රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ ගැන සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේදී පැමිණියේය.
මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හමුවේ විභාග වන පැමිණිල්කට අනුව ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙසේ කොමිෂමට පැමිණියේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.