Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජනපති වෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදය ලබාගනිමින් ඔහු ජනපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවත් අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කරයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ, කහවත්ත, බුංගිරියේ, ඉදි වු 204 වන ආදර්ශ ගම්මානය කටුරොදගම අද (20දා) ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
“සජිත් ඇමතිතුමා අපි නම් ඔක්කොම බලා ගෙන ඉන්නවා එතුමා ජනාධිපති වෙනවා කියලා .ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ ගැන කිසි සැකයක් තියා ගන්ඩ එපා .
අපි මේකට කැප වුණේ අද ඊයේ නෙවෙයි.අපි සෑහෙන කාලයක් තිස්සේ ඉදලා දුප්පතාගේ දුක හදුනන පොළොවේ පය ගහලා ඉන්න තමුන්නාන්සේලා වෙනුවෙන් සේවය කරන නායකයෙක් අපේ පක්ෂයෙන් ජනාධිපති කරන්න අපි ඇප කැප වෙනවා කියන එක මතක් කරන්න ඕන.
ඒක අපේ පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදය ඇතිව අපි අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ අවස්ථාව ලබා ගන්නවා.”
popular news
කපිල Thursday, 20 June 2019 10:31 PM
ගරු අමතිතුමියනි, ඔබේ සොහොයුරා ජීවතුන් අතර හිටියා නම් UNP එකට මෙවන් පරිහානියක් වෙන්නේ නෑ. දැන් සජිත් නොවේ ශක්‍රයා ආවත් ගොඩ ඒම බොරු. රජකම් කෙරුවත් කළකම් පළදේ කියන්නේ ඕකටනේ
Reply : 0 2
Champa Friday, 21 June 2019 05:25 AM
අවස්ථාව ලබා දෙන එක වෙන වැඩක්. හැබැයි දිනන්නේ නැහැ. දුප්පතා වෙනුවෙන් සජිත් මොනවද කරලා තියෙන්නේ? නින්දෙන් ඇහැරිලා වගේ ගෙවල් හදන්න ගත්ත. ඒ හදපු සමහර ගෙවල් වල වහලවල් සුළඟකට ගසා ගෙනත් ගිහින් තිබ්බ. ගිය අවුරුද්දේ නිවාස අමාත්‍යංශයේ තිබ්බ සල්ලි වලින් බිලියන් 5ක් ආපහු භාණ්ඩාගාරයට ගිහින් තිබුන පාවිච්චියට ගන්නේ නැතුව. අනිත් පැත්තෙන් බැලුවොත් පියා ජනාධිපති වෙලා ඉන්න කාලේ යාල අභය භූමියේ,වෙන තැනක නෙමෙයි අභය භූමියක දඩයමේ ගිහින් සත්තු මරන් කාපු මිනිහෙක්ට ජනාධිපතිකම ලැබුනොත් කොහොමද? ඉස්සර ඒ කාලේ වගේම දැන් නිවාස ඇමති කාලෙත් පුරාවස්තු තියෙන තැන් හාරලා තිබුන. ඒ ගැන කිසි පරීක්ෂනයක්වත් නැහැ. සජිත්ට කවදාවත් සිංහල බෞද්ධ චන්ද ලැබෙන්නේ නැහැ.
Reply : 0 47
උපුල් Sunday, 23 June 2019 07:17 AM
චම්පා හරි.සජිත්ගේ පියා උගතුන් එලවා නූගතුන්ට තැනදුන් නිසා එක්සත් ජාතික පක්ෂය නැත්තට නැතිවුනා.අපිට හිතෙන්නේම නැහැ සජිත් උගතුන්ට තැනක් දෙවි කියල.මොකද කරන දේවල් බැලුවාම ඔහුත් උගතෙක් වෙන්න බැහැ ඔහුට ඉදිරි දැක්මකුත් පේන්න නැහැ.ඇමතිතුමියට කැමතිනම් ඡන්දය දෙන්න අපිනම් දෙන්නේම නැහැ නැහැමයි
Reply : 0 7
Kamal Wimalasiri Friday, 21 June 2019 05:31 AM
ජනතාවද ඔබද ජනපති තෝරන්නේ? අපි සජිත් ව මේ පාර තෝරන්නේ නැත.
Reply : 0 8
Deepal Nirosh Friday, 21 June 2019 11:15 AM
එතකොට නෝනා අනිවාර්යයෙන් අගමැති වෙන්නෙ කවුද? 19 යටතේ අපට වඩා වැදගත් ඒ කරුණයි. කරුණාකරල රටට හෙළි කරන්න.
Reply : 0 9
Sarath Thilakasiri Friday, 21 June 2019 12:15 PM
මම නම් හිතන්නේ නැහැ සජිත් ජනාදිපති වෙඉ කියලා.ඔහුට හම්බන්තොට වත් දිනා ගන්න බැහැනේ
Reply : 0 9
S Colambage Friday, 21 June 2019 03:58 PM
මොකද ලොක්කා දාපු comments නොදාන්නේ. Publicity ඔයාට ඕන විදියට දෙන්නද. Media කියන්නේ මාර හොරු
Reply : 0 40
රජින්ද Wednesday, 26 June 2019 03:35 PM
සජිත් අනිවාර්යෙන්ම ජනපති වෙනවා කියන්නේ මේගොල්ලෝ හොර ජන්දවත් දාන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. මොකද තමන්ගේ ආසනේවත් දිනාගන්න බැරි මිනිහා කොහොමද රටේ ජනපති වෙන්නේ. සජිත්ට ඔය කියන මහා ලොකු ජනතා කැමැත්තක් නැහැ, නැති දෙයක් තියෙනවයි කිය කියා මේගොල්ලෝ මේ හදන්නේ මිනිස්සුන්ගේ ඔලුව වෙනස් කරවන්න. ඕවට ඇන්ඳුනු කාලේ ගියා.
Reply : 0 0
රජින්ද Wednesday, 26 June 2019 03:35 PM
සජිත් අනිවාර්යෙන්ම ජනපති වෙනවා කියන්නේ මේගොල්ලෝ හොර ජන්දවත් දාන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. මොකද තමන්ගේ ආසනේවත් දිනාගන්න බැරි මිනිහා කොහොමද රටේ ජනපති වෙන්නේ. සජිත්ට ඔය කියන මහා ලොකු ජනතා කැමැත්තක් නැහැ, නැති දෙයක් තියෙනවයි කිය කියා මේගොල්ලෝ මේ හදන්නේ මිනිස්සුන්ගේ ඔලුව වෙනස් කරවන්න. ඕවට ඇන්ඳුනු කාලේ ගියා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd