එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ අනෙකුත් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.
ඉදිරි ජනපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගියදා පැවැති හමුවේදී අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතාට දන්වා තිබුණේ මුලින්ම එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ වල කැමැත්ත ලබාගන්නා ලෙසයි.