ඉදිරි ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බවට වූ යෝජනාවක් ඊයේ (22දා) මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විමේදි සම්මත වු බව සංචාරක සංවර්ධන වනජිවි ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.
මෙම බල මණ්ඩල රැස්විම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ නිවසේදි 22දා පැවති අතර මෙම රැස්විම සදහා මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියකාරින් රැසක් සහභාගි වි සිටියහ.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කර ඇත්තේ උකුවෙල ප්‍රාදේශිය සභාවේ උප සභාපති අබ්දුල් නිසාර් මහතා වන අතර එම යෝජනාව ස්ථිර කර ඇත්තේ විල්ගමුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ජයන්ත ඒකානායක මහතා විසිනි.
රත්තොට රුවන් ධනංජය