නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම වෙනුවෙන් මහනුවර රැජින හෝටලයේ පැවැති උත්සවයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාද එක්වීය.
පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවටද ඔහු එක්විය.
රාජ්‍ය සේවකයෙකු ලෙසින් ඔහු එම අවස්ථාවට එක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් ඒ සම්බන්ධව විමර්ශනයක්ද මේ වන විටත් ආරම්භ කර තිබේ.