විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සැගවීමට ආණ්ඩුව උත්සාහ දරන බවට චෝදනා කිරීම තරම් තවත් විහිළුවක් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සැගවීමට උත්සාහ දැරැවේ පසුගිය යහපාලන ආණ්ඩුව බවත්, එහි ප්‍රබල සාමාජිකයෙකු වූ වත්මන් විපක්ෂ නායකවරයා ද ඊට වගකිව යුතු බවත් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සැගවීමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරණ බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
රටේ සහ ජනතාවගේ ආරක්ෂාව සැලසීම සෑම රජයකම පරම වගකීම බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න මහතා යහපාලන රජය එය පැහැර හැරිය බවත් ඊට යහපාලන ආණ්ඩුවේ ඉහළ සිට පහළ දක්වා සියළු දෙනා වගකිව යුතු බවත් පෙන්වා දෙයි. යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා උදව් කළ දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ වලට ද මෙම වගකීමෙන් ගැළවිය නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.