දැනට නිර්දේශ කර ඇති සියලු කොවිඩ් මර්දන එන්නත් මගින් ලොව පුරා මේ වන විට වැඩි අවධානයක් යොමුකර ඇති ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා යන කොවිඩ් ප්‍රභේද වලින් ඇතිවෙන මියයාම සහ දරුණු රෝගී තත්ත්වයන්ට පත්වීම අවම කෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
කෙසේ වුවද එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයටද කොවිඩ් රෝග ලක්ෂණ නොමැතිව වෛරසය ආසාදනය විය හැකි බැවින් සමාජ දුරස්ථභාවය වැඩි වශයෙන් ආරක්ෂා කරන ලෙස ඇය ඉල්ලා සිටියා ය.
එසේම වෛරසයේ ප්‍රභේද වෙනස් වුවද පැතිරීමේ ක්‍රමවේදය සමාන වන බවත් ඒ අනුව සංචරණ සීමා ලිහිල් කළ ද තමන්ගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවන ලෙස මහාචාර්යවරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.