කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමට අද රාත්‍රී සිට සංචරණ සීමා පැනවුවද එයින් ඇඟළුම් කර්මාන්තයට බාධාවක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අඟළුම් කර්මාන්තයේ ක්‍රියාකාරිත්වයට අවසර දී ඇති බවත් ඇඟළුම් නිෂ්පාදනය, බෙදාහැරීම, ආනයනය හා අපනයනය වැනි කාර්යයන් ආරක්ෂක බුබුළු ක්‍රමයට අනුගතව සිදුකළ හැකි බවත් ඔහු පැවැසීය.